image

image
blog cover

banner

September 16, 2016

ශ්‍රී ලංකාවේ හද්ද පරණ පුවත්පත් වෙළඳ දැන්වීම් කිහිපයක්..

අපි ලංකාව පුරාම සිද්දවෙන  සමාජ  අසාධාරණයන්  වලට එරෙහිව නැගී සිටින බ්ලොග් අඩවියක් වගේම  අපිත් එක්ක එකතු වෙන ඔයාලා නොදුටු තවත් විශේෂ දේවල් ගොඩක් ඔයාලට ගෙන එන්නත් අදහස් කරනවා.. ඔන්න ඒ අදහසේ පළමු පියවර විදිහට ලංකාවේ පරණ  වෙළඳ දැන්වීම්  කිහිපයක් අරගෙන ආවා.. බලන්නකෝ  කොහොමද කියලා.. තවත් යට දැනගන්න  share කරන්න. අපේ page එකට් like කරලා අදහසත්  පහලින්  කොටාගෙනම යනවනම්  ගොඩාක්  හොන්දයි..
අමතක කරන්න එපා ඔයාලගේ ගමේ වෙන ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් අසාධාරණ වැඩපිළිවෙලක්, නම්  ඔයා අපේ  පිටුවට message කරන්න..


පාපතරයිනි මේ ගිනි තබන්නේ ඔබේ දරුවන්ගේ උරුමයයි..

පාපතරයිනි මේ ඔබේ දරුවාගේ උරුමයයි.

මොහොතක් සිතා බලන්න.. ඉතා පුංචි  රටක් වූ  මගේ  මව්බිම  සුන්දරත්වයෙන් සමකල හැකි වෙනත් කිසිදු  රටක්  නොමැති තරම්.. විවිධ  දේශගුණික  කලාප  කිහිපයක ඉතා අඩු ඉඩක් තුල විහිදෙන වෙනත් ලොව ඕනෑම  රටක් නැති තරම් වූ  සුන්දරත්වයක් ශ්‍රී ලංකාව සතුයි. ඔබ ඇල්ල වැල්ලවාය  මාර්ගයේ ගමන් කර ඇත්නම්  මෙය  ඔබට විස්තර කල යුතු නොවේ. 
අපි අපේ රට ගැන, රට ගිලගන්නට සිටින විජාතික බලවේග ගැන බොහෝ කතා කියන්නෙමු, ඒවාට වඩාත් සංවේදී  වන්නෙමු. එහෙත් අපි මොනතරම් නම් විනාශයක්  මේ පුංචි දිවයිනට සිදු කරනවාද?
බලන්න නමුනුකුල  රක්ෂිතයේ පහත චායාරුප දිහා. සිදු කර ඇති විනාශය සිතා ගත හැකිද? මේ කුමක් නිසාද? හුදෙක්ම විනෝදය සඳහා මිල කල නොහැකි මේ  රක්‍ෂිතයන් ගිනි තබන්නවුන්  සිංහලයන්, ශ්‍රී ලාංකිකයන්  විය හැකිද? 




ඔබ මෙම ගිනි තැබීම පිළිබඳව  තවත් විස්තර  දන්නේනම්.(කවුරුන්, කුමකට සිදුකරන්නේද?) අපේ  පිටුවට කියන්න..ඔබේ රහස්‍ය භාවය  සුරකමින් ඔවුන් ට එරෙහිව  ක්‍රියාත්මක වන්නට  අපි  සුදානම්.අපේ  facebook පිටුවට message කරන්න ,

September 14, 2016

ඔබට/ ඔබේ ප්‍රදේශයට සිදුවන ඕනෑම  අසාධාරණයක්  වෙනුවෙන් ජනබලය  ගොඩනංවන්න ඔත්තුකරු සුදානම්..


 ඔබේ ප්‍රදේශයේ හෝ ඔබට පුද්ගලිකව සිදුවන ඕනෑම  ගැටලුවක් තව දුරටත් ඔබේ ගැටලුවක් පමණක්ම නොවේ.. ඔබේ ගැටලුව වෙනුවෙන් රටම සංවේදී කරමින් නිවැරදිම පිළිතුර ලබා දෙන්නට ඔත්තුකරු  අපි සුදානම්.. ඔබත් ඔබේ ගටලුන් අපේ පිටුවට කියන්න.. 
අපේ මුහුණු පොත් පිටුවට පණිවිඩයක්  තැබීමෙන්  හෝ.. මෙම වෙබ් අඩවියේ අපිට ලියන්න පිටුවට හෝ ඔබගේ පණිවිඩය  අපට කියන්න..

ශ්‍රී ලංකාවේ ප්‍රධාන  මාධ්‍ය  ආයතන සියල්ලත් සමගින් ඔත්තුකරු සම්බන්ධිතව ඔබේ ගැටලුවට ඉතා ඉක්මන්  විසඳුමක්...


දැනම ලියන්න.. හැමෝටම දන ගන්න  share කරන්නත් අමතක කරන්න එපා..