පාපතරයිනි මේ ඔබේ දරුවාගේ උරුමයයි.
මොහොතක් සිතා බලන්න.. ඉතා පුංචි රටක් වූ මගේ මව්බිම සුන්දරත්වයෙන් සමකල හැකි වෙනත් කිසිදු රටක් නොමැති තරම්.. විවිධ දේශගුණික කලාප කිහිපයක ඉතා අඩු ඉඩක් තුල විහිදෙන වෙනත් ලොව ඕනෑම රටක් නැති තරම් වූ සුන්දරත්වයක් ශ්‍රී ලංකාව සතුයි. ඔබ ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කර ඇත්නම් මෙය ඔබට විස්තර කල යුතු නොවේ.
අපි අපේ රට ගැන, රට ගිලගන්නට සිටින විජාතික බලවේග ගැන බොහෝ කතා කියන්නෙමු, ඒවාට වඩාත් සංවේදී වන්නෙමු. එහෙත් අපි මොනතරම් නම් විනාශයක් මේ පුංචි දිවයිනට සිදු කරනවාද?
බලන්න නමුනුකුල රක්ෂිතයේ පහත චායාරුප දිහා. සිදු කර ඇති විනාශය සිතා ගත හැකිද? මේ කුමක් නිසාද? හුදෙක්ම විනෝදය සඳහා මිල කල නොහැකි මේ රක්‍ෂිතයන් ගිනි තබන්නවුන් සිංහලයන්, ශ්‍රී ලාංකිකයන් විය හැකිද?
ඔබ මෙම ගිනි තැබීම පිළිබඳව තවත් විස්තර දන්නේනම්.(කවුරුන්, කුමකට සිදුකරන්නේද?) අපේ පිටුවට කියන්න..ඔබේ රහස්‍ය භාවය සුරකමින් ඔවුන් ට එරෙහිව ක්‍රියාත්මක වන්නට අපි සුදානම්.අපේ facebook පිටුවට message කරන්න ,





No comments:
Post a Comment